fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එජනිස මහලේකම් පුටුව තිලංගට

    එජනිස මහලේකම් පුටුව තිලංගට

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් අද මේ බව තීරණය කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයේ මීට පෙර කටයුතු කරන ලද්දේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ය.

    අද( 21) කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවෙන් සහ මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව ගනු ලැබූ තීන්දුවකට අනුව මෙම පත්කිරීම කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය, සියලු පක්ෂ වල එකමුතුවෙන් සහ නව ජවයකින් යුතුව ජයග්‍රාහී අලුත් ගමනක් ගෙනයාමේ වගකීම සහ අභියෝගය භාරදෙමින් තිලංග සුමතිපාල මහතාට මෙම තනතුර පිරිනැමූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තේරීපත් වූ තිලංග සුමතිපාල මහතා 2010 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2015 වසරේදී ඒ මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ අතර, 2015 වසරේදී නියෝජ්‍ය කථානායක ධුරයට පත් වූ අතර 2019 වසරේදී තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.