fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැයට අදාළ වාර්තාවල හාඩ් කොපි මන්ත්‍රීවරුන්ට

    අයවැයට අදාළ වාර්තාවල හාඩ් කොපි මන්ත්‍රීවරුන්ට

    මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන 2023 වසර සඳහා වන විසර්ජන කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාද කාල සීමාවේදී ඊට අදාළව අමාත්‍යාංශ සහ ආයතන විසින් ඉදිරිපත් කරන වාර්තාවල දෘඩ පිටපත් (hard copy) කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සහා ගර්භයේ සහ පුස්තකාලයේ තබන බව කථානායකවරයා නිවේදනය කර තිබේ.

    එම වාර්තා මෘදු පිටපත් (soft copy) වශයෙන් පමණක් පාර්ලිමේන්තුවේ පරිහරණයට ඉදිරිපත් කිරීමට ඊට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලදී.

    පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත පිළිගන්වනු ලබයි.

    පාර්ලිමේන්තුව තුළ විශාල වශයෙන් කඩදාසි භාවිත වන බැවින් පසුගිය කාලයේ කඩදාසි ආනයනය හා ඊට අදාළ මුල්‍ය අවහිරතා හේතුවෙන් කඩදාසි භාවිතය අවම කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය වාර්තාවල මෘදු පිටපත් භාවිතයට තීරණය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.