fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන්ට මත්කරල් බෙදූ ටියුෂන් ගුරුවරයා කොටුවෙයි

    සිසුන්ට මත්කරල් බෙදූ ටියුෂන් ගුරුවරයා කොටුවෙයි

    දීර්ඝ කාලයක පටන් පාසල් ළමුන්ට මත්කරල් බෙදූ උපකාරක පංති ගුරුවරයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකරුන්ද කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙ තිබේ.

    මෙම සැකකරු 4,5,6,7 සහ 8 යන ශ්‍රේණි සඳහා ගණිතය හා විද්‍යාව විෂයන්වලට අදාලව උපකාරක පංති පවත්වනු ලබන පුද්ගලයෙකි. කළුතර පිහිටි ප්‍රධාන පාසලක් අසන්නයේ කුළි නිවසක ඔහු සිය බිරිඳ හා දරුවන් දෙදෙනෙකු සමග පදිංචිව සිටියි.

    මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඔහු පදිංචිව සිටින නිවස ආස්න්නයේ ඇති පාසලේ ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම මත්කරල් දීර්ඝ කාලයක පටන් විකුණනු ලබන බවට කරුණු අනාවරණය වී ඇත.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත සැකකරු මත්කරල් තොගය සමඟ භාර දී ඇත.

    ඔහු සතුව තිබී තහනම් උත්තේජක ඖෂධ කරල් 1299 ක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    1. වෛද්‍ය උපදෙස් නොමැතිව මෙම ඖෂධය දරුවෙකුට ලබා නොදෙන්න.

      ෆයිබ්‍රොමියල්ජියා, දියවැඩියාව, හර්පීස් සෝස්ටර් හෝ කොඳු ඇට පෙළේ ආබාධ නිසා ඇති වන ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා වයස අවුරුදු 18 ට අඩු ඕනෑම කෙනෙකුට Pregabalin භාවිතා කිරීමට අවසර නැත.

    ඔබේ අදහස් දක්වන්න.