තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති හදිසියේ මන්නාරම් ගිය හේතුව..

    ජනපති හදිසියේ මන්නාරම් ගිය හේතුව..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

    මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය.

    අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය.

    නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මන්නාරම සුළං බලාගාරය ඉදි කරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලූ අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීමට ද අමතක නොකළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img