තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ ආරක්ෂකයෙකුට පහරදීමක්

    අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ ආරක්ෂකයෙකුට පහරදීමක්

    මහනුවර සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ ආරක්ෂාවට යොදනවා සිටින පොලිස් නිලධාරියෙකුට කෑගල්ලේදී පිරිසක් විසින් කළ පහරදීමකින් තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    මෙම පහරදීම සිදුව ඇත්තේ කෑගල්ලේ කුරුණෑගල බස් නැවතුපොල අසලදී ඊයේ සවස් කාලයේදීය.

    මෙම පොලිස් නිලධාරියා රාජකාරි විවේකයෙන් පසු තම නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථයකින් පැමිණි මැර කණ්ඩායමකිනි.

    කෑගල්ල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img