තවත්
    මුල් පිටුවspecialඋ.කොරියාව අමෙරිකාවට තරම් දුර මිසයිලයක් අත්හදා බලයි

    උ.කොරියාව අමෙරිකාවට තරම් දුර මිසයිලයක් අත්හදා බලයි

    උතුරු කොරියාව අද (18) අලුයම ජපාන මුහුද ආසන්නයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) එල්ල කර ඇත.

    දකුණු කොරියානු සහ ජපාන ඇස්තමේන්තු වලට අනුව, උතුරු කොරියානු මිසයිලය කිලෝමීටර් 1000 ක උපරිම උන්නතාංශයකින් කිලෝමීටර් 6000 ක් පමණ දුරට පියාසර කර තිබේ.

    ඒ අනුව මෙම අත්හදාබැලීම අමෙරිකා එක්සත් ජනපද ප්‍රධාන භූමියට න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ හැකියාව පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

    උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම අත්හදා බැලීම් සිදුවන බව ද එම වාර්තාවල දැක්වෙයි. කෙසේ වෙතත් උතුරු කොරියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය හා රුසියාවේ සහය පළ වී නොමැත.

    දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් අනුව උතුරු කොරියානු අගනුවර ප්‍රදේශයේ සිට පෙරවරු 10.15 ට පමණ ICBM දියත් කර ඇත. එය දකුණු කොරියාවට ඉහළින් ගමන් කොට ජපානයේ හොක්කයිඩෝ නගරයට බටහිර මුහුද ට පතිත වී තිබේ.

    මෙම මාසය තුළ උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලූ දෙවන අවස්ථාව මෙය වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img