fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සෙස් බද්දෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන්නේ නෑ"- මුදල් රාජ්‍ය ඇමති

    “සෙස් බද්දෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යන්නේ නෑ”- මුදල් රාජ්‍ය ඇමති

    සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන්නේ රේගු බද්ද හෝ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වන අතර ඒවා කිසිදු සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වන බවයි.

    අයිතම 120කින් සමන්විත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ කිසිදු භාණ්ඩයක් සෙස් බද්දට යටත් නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

    “1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත මගින් හඳුන්වා දුන් සෙස් බද්දේ අරමුණු දෙකක් තියෙනවා. එකක් මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන් ආනයනික භාණ්ඩ මත බද්දක් අය කිරීම. අනෙක අගය එකතු නොකොට අපනයනය කරනු ලබන භාණ්ඩ අධෛර්යමත් කිරීම සඳහා බද්දක් අය කිරීම. මේ බද්දෙන් ලැබෙන ආදායම් යොමු වෙන්නේ අදාළ කර්මාන්තවල සුබ සිද්ධිය වෙනුවෙන් යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.

    සෙස් බද්ද අය කරනු ලබන්නේ භාණ්ඩයක වටිනාකමේ ප්‍රතිශතය සහ ඒකකයක් සඳහා ස්ථාවර මිලක් යන දෙකෙන් ඉහළ වටිනාකම ඇති අගය මතය.

    එහෙත් රුපියල 100%කින් පමණ අවප්‍රමාණය වීම නිසා භාණ්ඩයක ප්‍රමාණය මත අය කරනු ලබන මුදල මෙවර අයවැය මගින් ගැළපීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.