තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙත පිටින් ලැප්ටොප් චාර්ජ් කරන්න ගිය සිසුවා මරුට

    තෙත පිටින් ලැප්ටොප් චාර්ජ් කරන්න ගිය සිසුවා මරුට

    දිය නා තෙතපිටින් ලැප්ටොප් පරිගණකයේ චාජරය විදුලි පේනුව හා සම්බන්ධ කිරීමට ගිය 14 වියැති පාසල් සිසුවෙක් විදුලි සැර වැදී මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ අද දවල් කාලයේදී අම්බලන්ගොඩ ඉදිකැටියේ නිවසකදීය.

    විදුලි සැර වැදුණු සිසුවා මියගොස් ඇත්තේ බලපිටිය රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    මියගොස් ඇත්තේ සෙනත් ඉඳුවර නැමැති පාසල් සිසුවාය. විදුලි සැර වදින විට ඔහු හැද සිට ඇත්තේද තෙත තුවායක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img