තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා මිනිස් ජාවාරම්කරුවන් පසුපස පන්නයි

    රටපුරා මිනිස් ජාවාරම්කරුවන් පසුපස පන්නයි

    මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් සොයා දීපව්‍යාප්ත වශයෙන් වැටලීම් සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.

    එමෙන්ම මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමටත් රජය අද තීන්දුවකට එළැඹ ඇත.

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, පොලිස් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග අද (16) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

    මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ගන්නා පියවරවල ප්‍රගතිය පිළිබද සෑම සති දෙකකට වරක්ම නිලධාරි මට්ටමේ ප්‍රගති සමාලෝචනයක් පැවැත්වෙනු ඇත.

    දේශීය හා විදේශීය වශයෙන් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විට තොරතුරු ද ලැබී ඇත.

    එම තොරතුරු මත වැටලීම් වෙගවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

    මේ අතර මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img