තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට යළිත් ණය උගුලක නොවැටෙන්න වැඩකරන හැටි මහබැංකු අධිපති කියයි

    රට යළිත් ණය උගුලක නොවැටෙන්න වැඩකරන හැටි මහබැංකු අධිපති කියයි

    යළිත් ණය උගුලකට රට නොවැටෙන ආර්ථිකයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    “ණය අරගෙන මේ රට ස්ථාවර කරලා කෙටි කාලීනව ආර්ථික වර්ධනයක් ළඟාකර ගන්න පුළුවන්. නමුත් එතනින් වෙන්නේ නැවතත් අපි ණය උගුලකට වැටෙන්න පුළුවන්. එම නිසා ණය මත යැපෙන්නේ නැති, රට තුළ රජයට ආදායම් උපදවන, රටට විදේශ විනිමය උපදවන, ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඊට අමතරව තිබිච්ච ගැටලු තමයි රජය සතු රාජ්‍ය සංස්ථා තුළ විශාල පාඩු ලැබීම් තුළ බැංකු පද්ධතියට ඒ සම්බන්ධයෙන් තියෙන බලපෑම්, ඊට අමතරව අයවැය අය-වැය සම්බන්ධයෙන් රජය ගොඩ තියෙන බර යනාදිය.
    මේ අයවැය මම දකින්නේ ආර්ථිකය ස්ථායී බවට පත් කිරීමත්, ඊට පස්සේ ආර්ථිකය නැවත වරක් ස්ථායි ලෙස වර්ධනයක් ඇතුව ඉදිරියට යාමට යෝජනා කරන, 2023න් ඉදිරියට කරන්න තියෙන වැදගත් වැඩපිළිවෙළක් විදියට.”

    මහ බැංකු අධිපතිවරයා අය-වැය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img