fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීමත් රියදුරා මහ මඟ යමින් සිටි පියාත් දියණියත් බිලිගනී

    බීමත් රියදුරා මහ මඟ යමින් සිටි පියාත් දියණියත් බිලිගනී

    මාර්ගයේ ගමන් ගනිමින් සිටි පියෙක් සහ දියණියක් බීමත් රියදුරෙකු විසින් පැදවූ මෝටර් රථයකට යටවීමෙන් මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස මීරිගම පස්යාල මාර්ගයේ 03 කණුව ආසන්නයේදීය. මෝටර් රථය ගමන් කරමින් තිබී ඇත්තේ මීරිගම සිට පස්යාල දෙසටය.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ මීරිගම කල්එළියේ පදිංචිව සිටි පී.නිශාන්ත (54) සහ එන්.ඩිල්ෂිකා (14) යන පියාත් දියණියත්ය.

    මෝටර් රථය පොලිස් භාරයට ගෙන රියදුරාව අත්අඩංගුවට ගත් බව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පල්ලෙවෙල පොලීසිය සඳහන් කළේය. මීතිරිගල තිස්සසරණ මාවතේ පදිංචිකරුවෙක් වන ඒ.එස්.ඩී. ද අල්විස් (40) නැමැති එම රියදුරාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න