තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ අධයාපනය පෙන්වා කෝටි ගණන් වංචා කළ සැකකරු අල්ලයි

    ඔස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ අධයාපනය පෙන්වා කෝටි ගණන් වංචා කළ සැකකරු අල්ලයි

    ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් යොමුකරන බව පෙන්වා මුදල් රැස්කර රුපියල් කෝටි ගණනක වංචාව කරමින් කටිට් පනිමින් සිටි පුද්ගලයෙකුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සෙවන් ස්ටාර් සහ අයි.එම්.සී. ග්ලෝබල් ලෙස අධ්‍යාපන උපදේශන ඒජන්සි දෙකක් පවත්වාගෙන යමින් මෙම දැවැන්ත මූල්‍ය වංචාවේ නිරතව සිට ඇත්තේ මොහොමඩ් රූම් අහමඩ් ෆස්ලි නැමැත්තා බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    2010 වසරේ සිට මෙම ජාවාරම ඔවුන් විසින් පවත්වාගෙන යන බවත් පුද්ගලයින් 33 දෙනෙකුගෙන් පැමිණිලි ඇති බවත් පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 22 වෙනිදා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ ඒකක 06 ට ලද රුපියල් විසිහත් ලක්ෂ තිස්පන්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img