fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ගැන අයවැයෙන් ගෙනා යෝජනාව

    වාහන ගැන අයවැයෙන් ගෙනා යෝජනාව

    • මෙරට හදන විදුලි කාර් බද්දකින් නිදහස්
    • සූර්ය පැනල හදන්නත් දිරිගැන්වීම්

    මෙරට තුළ විද්‍යුත්‌ මෝටර්‌ කාර්‌ (Electric cars) නිෂ්පාදනයට මෙන්ම සූර්ය බලශක්තිය උත්පාදනයට පහසුකම්‌ සැලසීම සඳහා 2023 අයවැය මගින් යෝජනා කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය මගින් මෙම යෝජනාව කර ඇත.

    ඒ යටතේ විද්‍යුත්‌ මෝටර්‌ කාර්‌ (Electric cars) එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන්‌ භාවිතය ප්‍රචලිත කිරීම සඳහාත්‌ අවශ්‍ය දිරිගැන්වීම්‌ සිදු කිරීමට යෝජනා කර ඇත.

    ඒ අනුච මෝටර්‌ වාහන එකලස්‌ කිරීම සිදු කරනු ලබන ආයතන විසින්‌ අවම වශයෙන්‌ 25% ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස්‌ දේශීය වශයෙන්‌ නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක්‌ සමාජ ආරක්ෂණ බද්ද ඉවත්‌ කිරීමට කටයුතු කරනු ලැබේ.

    දේශීය විද්‍යුත්‌ මෝටර්‌ රථ උපාංග නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව සඳහා දේශීය අගය එකතු කිරීම සහ දේශීයව නිෂ්පාදිත විද්‍යුත්‌ මෝටර්‌ රථ උපාංග භාවිතා කරනු ලබන බව සහතික කිරීම සඳහා සියලුම ලියාපදිංචි විද්‍යුත්‌ මෝටර්‌ රථ උපාංග නිෂ්පාදකයින්‌ සහ අනුමත දේශීය විද්‍යුත්‌ මෝටර්‌ රථ එකලස්‌ කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක්‌ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

    යෝජිත තොරතුරු පද්ධතිය යටතේ තීරුබදු සහන සඳහා සෑම විද්‍යුත්‌ මෝටර්‌ රථ එකලස්‌ කරන ආයතනයක්‌ විසින්ම දේශීයව ලබා ගන්නා මෝටර්‌ රථ උපාංගවල වටිනාකම සහ එකලස්‌ කරනු ලබන මෝටර්‌ රථවල දේශීය අගය එකතු කිරීමේ ප්‍රතිශතය ස්වයංක්‍රීයව සහතික කිරීමට ද හැකිවන පරිදි පද්ධතිය සකස්‌ කළ යුතුය. මෙම පරිගණක තොරතුරු හුවමාරු ක්‍රමවේදය කර්මාන්ත අමාත්‍යාංශය විසින්‌ සංවර්ධනය කර නඩත්තු කළ යුතුය.

    එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින්‌ විදුලි බලය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාත්‌, එයට අදාළ ඝූර්ය පැනල දේශීයව නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සඳහාත්‌, සුර්ය බලශක්තිය නිපදවීමට යොදාගන්නා පැනල (solar panels) සංයෝජිත වර්ගීකරණ කේතාංංක 8541.10 හා ප්‍රතිවර්තක (inverter) සංයෝජිත වර්ගීකරණ කේතාංක 8504.40 ආනයනය කිරීමේ දී දැනට අයකරනු ලබන වරාය භා ගුවන්තොටුපල සංවර්ධන බදු හා සමාජ ආරක්ෂණ බද්ද 2023.01.01 දින සිට ඉවත්‌ කිරීමට ලබන අයවැයෙන් යෝජනා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.