තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු යළිත්

    රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු යළිත්

    රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමය යළි ආරම්භ කිරීමට 2023 අයවැයෙන් යෝජනා කර තිබේ.

    මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ එහි පළමු අදියර යටතේ ජාතික හා මූලික රෝහල්වල මෙම ක්‍රමය යළි ආරම්භ කිරීමට යෝජනා කෙරෙන බවයි.

    මීට පෙර මෙම ක්‍රමය පැවතියත් පෞද්ගලික රෝහල්වල ව්‍යාප්තියත් සමඟ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමය අත්හිටුවිණි.

    එහෙත් මේ වනවිට පෞද්ගලික රෝහල්වල ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ බොහෝ පාර්ශ්ව වෙතින් මෙම ඉල්ලීම ලද බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img