fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් නව වාර්තාවක්

    හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් නව වාර්තාවක්

    සමුද්‍රීය ඉන්ධන නෞකාවක් වන ‘MV P.Yanbu’ හි, ගොඩබෑම් කටයුතුවල මෙහෙයුම් කාලය 57% කට සීමා කරමින්, නව වාර්තාවක් පිහිටුවීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමත් ව ඇත.

    ප්‍රථම වරට වරායේ තෙල් ජැටියේදී ඉන්ධන දෙවර්ගයක් සමගාමීව පැටවීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට ද, වරායට හැකිවී තිබේ. ඒ අනුව සමුද්‍රීය ගෑස් තෙල් (Marine Gas Oil – MGO) සහ සල්ෆර් ප්‍රතිශතය අඩු ඛනිජ තෙල් (Very Low Sulfur Fuel Oil – VLSFO) එකවර මහවැලි තෙල් නෞකාවට පටවන ලදී.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසන්නේ වරායෙහි කාර්යක්ෂමතාව, ප්‍රධාන කාර්යය සාධන දර්ශකය අනුව ක්‍රියාත්මක වන බවත්, ට්‍රක් රථ රියදුරාගේ සිට ඉන් ඉහළට ඇති සෑම නිලධාරී මට්ටමක්ම ඒ අනුව ක්‍රියාත්මක වන බවත්ය.

    “බහුකාර්ය වරායක කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමේ පවත්වා ගැනීම, සෑම විටම අභියෝගයක් වන්නේ විවිධ වර්ගයේ භාණ්ඩ හැසිරවීමට එකම ශ්‍රමය භාවිතා කරන නිසාත්, බහාලුම් වරායක මෙන් නොව බහුකාර්ය වරායක් තුළ ශ්‍රමය වැඩි වශයෙන් යෙදවෙන නිසාත්ය. එම නිසාම අපගේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමේදී ඒ සඳහා මූලික වන්නේ රැකියාව කරන පරිසරයේ ආරක්ෂිත බව සහතික කිරීමයි. අපගේ කාර්යයමණ්ඩලය සඳහා පමණක් නොව, අප හා සම්බන්ධවී කටයුතු කරන සෑම ආයතනයක් සඳහාම සෞඛ්‍යාරක්ෂිතභාවය ලබා දීමට අප ආයතනය බැඳී සිටිනවා. මෙය අපගේ ගෝලීය හවුල්කරු වන CMPort විසින් අප උදෙසා තහවුරු කරන ලද ප්‍රමිතියක්." යැයිද ජොන්සන් ලියූ මහතා පවසයි.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) බලශක්ති සේවා දෙපාර්තමේන්තුව (ENS) තම ඉලක්කගත ‘අනතුරු රහිත මිනිස් පැය’ 200,000 සීමාව ඔක්තෝම්බර් 1 වන සතිය තුළ සාර්ථකව සපුරා ගැනීමත් සමඟ, අනතුරු හේතුවෙන් අහිමි වූ කාල වැඩසටහනෙහි (Lost Time Accident Campaign) සාර්ථකත්වය දැනටමත් සනිටුහන් කර ඇත.

    තම සියලුම මෙහෙයුම් වලදී ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ කාර්යක්ෂමතාවයට ප්‍රමුඛත්වය ලබා දෙමින්, නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය කලාපයේ ප්‍රවීණතාවයෙන් පරිපූර්ණ ඉහළම තත්ත්වයේ බහුකාර්ය වරායක් ලෙස ස්ථානගත වෙමින් පවතින බව හම්බන්තොට වරයා බලධාරීන් සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.