fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී පාදස්ථාන උඩමළුවෙන් බිමට පැන්න තරුණ යා කකුල් අතපය නොකැඩී දින පහකට...

    ශ්‍රී පාදස්ථාන උඩමළුවෙන් බිමට පැන්න තරුණ යා කකුල් අතපය නොකැඩී දින පහකට පසු හමුවේ

    ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ රත්නපුර මාර්ගයෙන් උඩ මළුවේ සිට බිමට පැන්න පුද්ගලය අතපය නොකැඩී දිවි බේරාගෙන ඇතැයි නල්ලතන්නිය පොලීසිය කියයි.

    පසුගිය 19 වෙනිදා ආරක්ෂිත වැටෙන් පැන බිමට පැන්න ඔහු ඊයේ (24) සවස හමුවී ඇත්තේ නල්ලතන්නිය රාජමලේ කොටසේ මරේවත්තේ දීය.

    මෙම තරුණයා පොලීසියට පවසා ඇත්තේ ශ්‍රී පාද උඩමළුවේදී තමන්ට සිදුවූයේ කුමක්දැයි මතකයේ නැති බවය. තමාට පියවි සිහිය ලැබුනේ මුහුණට වතුර විසිවීමකින් බවත් එම ජලය තමාගේ මුහුණට වැටුනේ කෙසේදැයි නොදන්නා බවය.

    සිහිය එළඹෙන විට තමා රැදී සිටියේ කැලෑවක් මැද තනිවී බවද ඔහු කියයි. සිය ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය නොතිබුණු බවද ඔහු පවසයි. මාර්ගයක් සොයා ගමන් කිරීමේදී දිය පහරක් හමුවූ බවත් එම දිය පහර දිගේ ඇවිදගෙන පැමිණි බවත් ඔහු පවසයි. රැය පහක් ඔහු ගතකර ඇති අතර එම රැය පහම ගතකර ඇත්තේ දිය පහර ආශ්‍රිත ගල්තලාවන්වලය. කෑමට කිසිවත් ඔහුට ලැබී නැති අතර මෙම දින කිහිපයේම සිය දිවි රැක ගත්තේ ජලය පමණක් පානය කිරීමෙන් බව ඔහු පවසා ඇත. මරේවත්තට ඔහු පැමිණ ඇත්තේද සිය පහර ඔස්සේ කළ ගමන් කිරීමේදීය. වතු තරුණයින් පිරිසකට ඔහු සිද්ධිය පැවසීමෙන් අනතුරුව එම වතු තරුණයින් පොලීසිය දැනුවත් කර ඇති බවත් ඒ අනුව පොලීසිය පැමිණ ඔහුව මස්කෙලිය රෝහලට ඇතුලත්කිරීමට පියවර ගෙන ඇත. ආහාර නොගැනීම හේතුවෙන් ඔහු දුර්වල වී සිටි බව පොලීසිය කියයි. ජල පහර ඔස්සේ ගමන් කිරීමේදී ගස් කොලන්වලට වූ සුළු සීරීම් තුවාල හැරුණු කොට ඉරපතල තත්වයේ කිසිදු තුවාලයක් හෝ අස්ථි බිදීමක්වත් ඔහුට සිදුව නොමැති බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයා උඩ මළුවෙන් බිමට පනින අයුරු ශ්‍රී පාදස්ථානයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල පවා සටහන්ව ඇත. එසේම ඔහු හෙළක් ඇති ස්ථානයකින් බිමට පණින අයුරු ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි විශාල පිරිසක්ද දැක ඇත. ඔහු පැන ඇති ස්ථානය අඩි 100 කට වඩා හැඹුරු හෙළක් සහිත ස්ථානයක් බව කියැවේ.

    මෙසේ ඔහු බිමට පැන ඇත්තේද සිහිවිකල් වූ අයෙක් මෙන් හැසිරී බවද මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.