තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියවන්නාවේ පොහොට්ටු මන්ත්‍රී සෙවනගල පොලීසියේ දී යකානටයි

    දියවන්නාවේ පොහොට්ටු මන්ත්‍රී සෙවනගල පොලීසියේ දී යකානටයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා සෙවනගල පොලිස් ස්ථානය තුළදී පොලිස් සැරයන්වරයෙකුට බැන වැදී යකානටා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.

    වෙළද සැළකෙලියක් පැවැත්වීම සඳහා අවසර ලබාගැනීමට පෙරේදා (12) පොලිස් ස්ථානයට පැමිණ ඔහු එසේ හැසිරී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයා හමුවීම සඳහා ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී දිවා රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් රෝහිත (22522) යන නිලධාරියා කාර්යාලය තුළ ඒ වන විට අමුත්තන් කිහිප දෙනෙක් සිටින බව පවසා ඒ අය පිටතට පැමිණෙන තුරු මදක් රැදී සිටින්නට යැයි පැවසීම හේතුවෙන් උරණ වී එසේ කෑ ගසා කලහාකාරී ලෙස හැසිරී ඇති බවද එම උසස් නිලධාරියා පැවසීය.

    මෙම සිදුවීම සැරයන්වරයා විසින් දෛනික තොරතුරු සටහන් පොතේ සටහන් කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img