තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් පෙන්වා ලක්ෂ 18කට වැඩේ දුන් 4ක් කොටුවෙති

    ඩොලර් පෙන්වා ලක්ෂ 18කට වැඩේ දුන් 4ක් කොටුවෙති

    අමෙරිකානු ඩොලර් පවතින විනිමය අනුපාතයට වඩා අඩු අනුපාතයකට ලබාදෙන බව පවසා යාපනයේ කාන්තාවක් රවටා රුපියල් ලක්ෂ 18ක් කොල්ලකා පළාගොස් සිටි සිව්දෙනෙකුගේ කල්ලියක් යාපනය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මුදල් කොල්ලය සිදුව ඇත්තේ පසුගිය ජූලි 23 වෙනිදා යාපනය කන්කසන්තුරය පාරේ පිහිටි ශිවන් කෝවිල තුළදී ය.

    මෙම මුදල් ගණුදෙනු සහා එම කාන්තාව කෝවිලට ගෙන්වා ගෙන මුදල් කොල්ලය සිදුකර ඇති බව යාපනය පොලීසිය සහන් කළේය.

    සැකකරුවන් ත්‍රිකුණාමලය, තලවකැලේ සහ අනුරාධපුර පදිංචිකරුවන්ය. සොරකම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී මෙම අපරාධකරුවන් සිව් දෙනා දැන හදුනාගෙන තිබෙන බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img