fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවසීලන්තය පරදා පාකිස්ථානය අවසන් මහා තරගයට

    නවසීලන්තය පරදා පාකිස්ථානය අවසන් මහා තරගයට

    විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 7ක ජයක් ලැබීමට පාකිස්ථානු කණ්ඩායම අද (09) සමත් විය.

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති අවසන් පූර්ව තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. අනතුරුව ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 19 පන්දු 1ක දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

    තරගයේ වීරයා සම්මානය හිමිකරගත් මොහොමඩ් රිස්වාන් පන්දු හතළිස් තුනක දී ලකුණු 57ක් ලබා ගත්තේය.

    නවසීලන්තය 152/4 (20)

    පාකිස්ථානය (153/3 (19.1)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.