තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ හදිසි ආධාර අවශ්‍ය අය දෙගුණ වෙලා - ජගත් සංවිධානය

    ශ්‍රී ලංකාවේ හදිසි ආධාර අවශ්‍ය අය දෙගුණ වෙලා – ජගත් සංවිධානය

    ශ්‍රී ලංකාවේ හදිසි මානුෂීය ආධාර අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන ආහාර අර්බුදයක් ගැන අනතුරු ඇඟවමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට මෙරට හදිසි ආධාර අවශ්‍ය පුද්ගල සංඛ්‍යාව මිලියන 3.4 දක්වා දෙගුණ වී ඇති බව ය.

    මෙරට තුළ මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 1.7 කට ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ජුනි මාසයේදී ඇස්තමේන්තු කර තිබුණි.

    කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අවශ්‍යතා ඇත්තන් පෝෂණය කිරීම සඳහා ඩොලර් මිලියන 79 ක් රැස් කර ඇති නමුත් දුප්පත් මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම නිසා ඔවුන්ට අමතර ඩොලර් මිලියන 70 ක් අවශ්‍ය බවයි.

    ‘අඛණ්ඩව කන්න දෙකක අස්වැන්න දුර්වල වීම, විදේශ විනිමය හිඟය සහ ගෘහස්ථ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව’ එම නිවේදනයේ සඳහන් වේ.

    1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටී.

    පසුගිය වසරේ සිට වේගයෙන් ඉහළ යන උද්ධමනය, විදුලිය ඇනහිටීම් සහ ඉන්ධන සලාක විඳදරා ගැනීමට ජනතාවට සිදුව තිබේ.

    අප්‍රේල් මැද භාගයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය පැහැර හැර ඇත. ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් සඳහා IMF සමඟ සාකච්ඡා කරමින් සිටී.

    දකුණු ආසියාව තුළ මෙරට දරිද්‍රතා අනුපාතය පසුගිය වසරේ 13.1% ක්ව පැවති අතර එය මේ වසරේ 25.6% දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද එහි සඳහන් වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img