තවත්
    මුල් පිටුවspecialජැක්පොට් ලෝක තෑගි වාර්තාව අලුත් කරයි- මෙවර ත්‍යාගය ඩොලර් බිලියන 2.3ක්

    ජැක්පොට් ලෝක තෑගි වාර්තාව අලුත් කරයි- මෙවර ත්‍යාගය ඩොලර් බිලියන 2.3ක්

    අමෙරිකාවේ පවර්බෝල් ජැක්පොට් ලොතරැයි ත්‍යාගය අඟහරුවාදා (08) වනවිට ඩොලර් බිලියන 2.3 දක්වා වර්ධනය වී ඇත.

    මෙය ලෝක ඉතිහාසයේ විශාලතම ලොතරැයි ත්‍යාග මුදල වේ. ඒ අනුව අමෙරිකානුවන් විශාල පිරිසක් ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

    අමෙරිකාවේ ප්‍රාන්ත 45ක පමණ මෙම පවර්බෝල් ජැක්පොට් ලොතරැයි අලෙවිකෙරෙන අතර ජයග්‍රාහකයන් නොමැති තත්ත්වයන් සැළකිල්ලට ගැනීමෙන් ත්‍යාග මුදල මේ තරම් විශාල මුදලක් දක්වා වර්ධනය වී ඇත.

    අවසන්වරට පවර්බෝල් ජැක්පොට් සඳහා පුද්ගලයකු හිමිකම් පෑවේ පසුගිය අගෝස්තු 3 වන දා දිනුම් ඇදීමෙනි. එහිදී ජයග්‍රාහකයා ඩොලර් මිලියන 206.9ක් උපයා ගත්තේය. එතැන් සිට, අඛණ්ඩව දිනුම් ඇදීම් 40 ක් පවත්වා ඇතත් ජයග්‍රාහකයෙකු බිහි වූයේ නැත. මෙම ලොතරැයියක මිල අමෙරිකානු ඩොලර් 2කි. මෙහි මීළඟ දිනුම් ඇදීම යෙදී ඇත්තේ බදාදා (09) දිනටයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img