තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජල බෝතල් පහරින් අටේ පංතියේ සිසුවෙක් මරුට

    ජල බෝතල් පහරින් අටේ පංතියේ සිසුවෙක් මරුට

    තිරුක්කෝවිල් හී පිහිටි තම්බිලුවිල් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට තවත් සිසුවෙකුට විසින් එල්ලකල ජල බෝතල් ප්‍රහාරයකින් 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් මියගොස් තිබේ.

    මෙම සිදුවීම වී ඇත්තේ අද දහවල් කාලයේදී පාසල නිමවීට ආසන්න මොහොතේදී බව තිරුක්කෝවිල් පොලීසිය සඳහන් කළේය.

    ප්ලාස්ටික් මෙගා බෝතලයකින් මෙම පහරදීම සිදුව ඇති බවත් එහි ජලය තිබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශිවපාලන් ක්‍රිෂාන් නැමැති 13 වියැති සිසුවෙකි.

    සිසුන් දෙදෙනා අතර ඇතිවුණු යම් ආරවුලක් මුල්කරගෙන මෙම ජල බෝතල් ප්‍රහාරය එක් සිදුවෙක් විසින් අනිත් සිසුවාට එල්ලකර තිබෙන බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. ජල බෝතලය වැදී ඇත්තේ මිය ගිය සිසුවාගේ හිසටය.

    අද සවස මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නිරීක්ෂණයද සිදුවිය. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතව ඇත. එහිදී මෙම සිදුවාගේ මරණය සිදුවූයේ කෙසේදැයි පැහැදිලිවම දැන ගැනීමට හැකිවනු ඇති බව පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img