fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රශ්නේ ඉවරයි - පාස්පෝට් හෙට සිට ආයෙත්

    ප්‍රශ්නේ ඉවරයි – පාස්පෝට් හෙට සිට ආයෙත්

    පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් අද (08) දින තාවකාලිකව අත්හිටුවන ලද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට(09) සිට යළි ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එහි දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ අද (08) හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවය.

    ඒ අනුව හෙට (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද දහවල් සිට තාවකාලිකව අත්හිටුවීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.