fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිංගඟේ දිය නෑ සිසුන් දෙදෙනෙක් දියරකුසාට බිලි

    ගිංගඟේ දිය නෑ සිසුන් දෙදෙනෙක් දියරකුසාට බිලි

    ගිංතොට ප්‍රදේශයෙන් ගිං ගඟේ මෝය ආසන්නයේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙක් දියේ ගිලී අද සවස මියගොස් තිබේ.

    වයස අවුරුදු 14ක් සහ 15ක් වන සිසුන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි.

    මෙම සිසුන් දෙදෙනා ඇතුළු සිසුන් සිව් දෙනෙක් දිය නෑමට පැමිණ ඇත්තේ වැඩිහිටියන් දැනුවත් කිරීමෙන් පසුව බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    සෙසු සිසුන් දෙදෙනා වැඩිහිටි සිසුන්ය. ඔවුන් ගාල්ල නාවින්නේ අරාබි පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන්ය.

    ඔබේ අදහස් දක්වන්න.