තවත්
    මුල් පිටුවදේශීය පුවත්රූමස්සල ගල්තලාවක අඩ නිරුවත් කාන්තා සිරුරක්

    රූමස්සල ගල්තලාවක අඩ නිරුවත් කාන්තා සිරුරක්

    රූමස්සල කුළුණු කන්දේ පාළු ඉඩමක පිහිටි ගල්තලාවක තිබී පහළ කොටස නිරුවත්ව ඇති කාන්තාවකගේ මළ සිරුරක් හබරාදූව පොලීසියට ඊයේ (05) හමුවී ඇත.

    එම කාන්තාව කවුරුන්දැයි පැහැදිලිව හදුනාගෙන නැත.

    එම කාන්තාව සමඟ සැරිසැරූබව කියැවෙන පුද්ගලයෙක් හදුනාගෙන ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    දින කිහිපයකට පෙර මෙම මරණය සිදුවී ඇති බව පෙනී යන බවත් ඒ ආසන්නයේ ඇයේ යට ඇදුම තිබී හමුවූ බවත් පොලීසිය කියයි.

    ඇගේ මරණයට හේතුව නිෂ්චික ලෙස තහවුරුකර ගැනීමට හැකිවන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව බවත් ඊට පෙර මිය ගොස් සිටින තැනැත්තිය හදුනාගත යුතුව ඇති බවත් හබරාදූව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img