දකුණු මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 300ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදාව කළ ඒකාබද්ධ වැටීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් මාතර කෝට්ටේගොඩ සහ කුඩා වැල්ලේ පදිංචිකරුවන්ය. ඒ අතර කාන්තාවක්ද සිටින බව සඳහන්ය.
බහුදින යාත්‍රාවක්ද සහ කුඩු බෝට්ටුවක්ද සමඟ අත්අඩංගුවට ගත් මෙම පිරිස මේ වන විට ගාල්ල වරායට රැගෙන එමින් තිබේ.
මේ දිනවල හෙරොයින් ග්‍රෑම් එකක් මත්කුඩු ජාවාරම්කරුවන් අතර අලෙවි වන්නේ යැයි කියැවෙන්නේ රුපියල් 30,000ක් වැනි මිලකටය. ඒ අනුව හෙරොයින් කිලෝ එකක් රුපියල් කෝටි 3ක් පමණ වනු ඇත. අයිය් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් අලෙවි වන්නේ රුපියල් 10,000කටය. ඒ අනුව අයිස් කිලෝවක මිල රුපියල් කෝටි 01ක් වනු ඇත. එසේගත් කළ මෙම හෙරොයින් කිලෝ 300 වටිනාකම රුපියල් කෝටි 900ක් පමණ වනු ඇත.


