තවත්
    මුල් පිටුවදේශීය පුවත්නවසීලන්තය එංගලන්තය ඉන්දියාව හා පාකිස්ථානය අවසන් පූර්ව වටයට

    නවසීලන්තය එංගලන්තය ඉන්දියාව හා පාකිස්ථානය අවසන් පූර්ව වටයට

    විස්සයි 20 ලෝක කුසලාන තරගාවාලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර මේ වනවිටත් තීරණය වී තිබේ.

    ඒ අනුව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය හා එංගලන්තයත් බී කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්ථානයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

    මෙයට සුළු වේලාවකට පෙර අවසන් වූ බංග්ලාදේශ පාකිස්ථාන තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට පාකිස්ථානය සමත්වීමත් සමඟ ඔවුන් අවසන් පූර්ව වටයේ තමන්ගේ ස්ථානය වෙන් කර ගැනීමට සමත්විය.

    ඒ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතරිනුත් පළමු හා දෙවැනි තැන නවසීලන්තය හා එංගලන්තය පිළිවෙලින් හිමිකරගෙන ඇත. එසේ වුවද දැනට පැවැත්වෙන ඉන්දියාව හා සිම්බාබ්වේ තරගයෙන් පසු බී කාණ්ඩයේ පළමු හා දෙවැනි තැන කාට ද යන්න තහවුරු වනු ඇත.

    ඉන්දියාව සිම්බාබ්වේ තරගය ජයගතහොත් ඔවුන් බී කාණ්ඩයේ ශූරයන් බවට පත්වීමට නියමිතය. එම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img