fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ තියාගත්තෙ ඇයි නොකියන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය

    ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ තියාගත්තෙ ඇයි නොකියන ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය

    ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අධිකරණයේ වැරදිකරු උවහොත් දැඩි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

    අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ අධිකරණ ක්‍රියාපටිපාටිය සමීපව නිරීක්ෂණය කරන බවයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ධනුෂ්කව සමීපව නිරීක්ෂණය නොකර දැන් අධිකරණ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කිරීමට යෑම විහිළු සහගත බව නිවුස් වේව් වෙත අදහස් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැවසූහ.

    මීට සති තුනකට පෙර නැම්බියාව සමඟ පැවැති තරගය පමණක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක අබාධයක් යැයි කියමින් ඉතිරි තරගවලින් ඉවත් කළ අතර ඒ වෙනුවට ආදේශක ක්‍රීඩකයකු ද ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සිදුවිය.

    එසේ වුවත් ධනුෂ්ක ගුණතිලක තරගාවලියේ සෙසු තරග සඳහා ක්‍රීඩා නොකරන පදනමක් තුළ ඔහු නිකරුනේ හෝටල් කාමරයකට සීමා කොට තබා ගත්තේ ඇයි ද යන්න මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර නැත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිංහල වෙබ් අඩවියේ මෙම සිදුවීමට අදාළ නිවේදනය මෙලෙස වාර්තා කර තිබේ.

    කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි. ඒ අනුව ගුණතිලකව හෙට එනම් නොවැම්බර් 07 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් එම දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

    අධිකරණයේ ක්‍රියා පාටි පාටීන් සිදුකරන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර එහිදී අන්තර්ජාතික ක්‍රිකට් සබාව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධව පූළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර සිටියි. එහිදි ගණතිලක මේ සඳහා වැරදිකරුවකු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණ ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සදහන් කර සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.