තවත්
    මුල් පිටුවදේශීය පුවත්නළු දේශපාලනඥයාගේ ජීවිත කතාව සිනමාවට නැගූ තිලිණි ඔහුටත් ලොකු පොල්ලක් තබා ඇතැයි...

    නළු දේශපාලනඥයාගේ ජීවිත කතාව සිනමාවට නැගූ තිලිණි ඔහුටත් ලොකු පොල්ලක් තබා ඇතැයි හෙළිවේ

    මහා පරිමාණයේ මූල්‍ය වංචාවන් රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිලිණි ප්‍රියමාලි දේශපාලනයට සම්බන්ධ නළුවෙකුගේ ජීවිත කථාව ඇතුලත් චිත්‍රපටක් නිෂ්පාදනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    එම නළුවා නියෝජ්‍ය අමාත්‍යධූරයක් පවා දැරුවෙක් වන අතර තාමත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින බව සඳහන්ය. විශාල මුදලක් එම චිත්‍රපටය වෙනුවෙන් තිලිණි ප්‍රියමාලි විසින් දරා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. එම චිත්‍රපටයේ සියළු වැඩ හමාරකර මේ වන විට ඇත්තේ ප්‍රදර්ශනය කිරීමට පමණක් බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙසේ විශාල මුදලක් වැයකර අදාල දේශපාලන නළුවාගේ ජීවිත කථාව චිත්‍රපටයකට නැගූ තිලිණි ප්‍රියමාලි අවසානයේදී එම දේශපාලනඥයා පවා අන්දවා ඇය චිත්‍රපටයට වැයකරකළ මුදල මෙන් දෙතුන් ගුණයක් ඇගේ සමාගමේ ආයෝජනය කරන්නට පොළඹවා එම මුදල් ලබාගෙන ඔහුටද වංචාකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    එම නළුවාගේ බිරිඳ සමඟ ඉතා කිට්ටු ඇසුරක් ද ඇයය පවත්වා ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    මෙම නළුවාටත් ඔහුගේ බිරිඳටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇතත් ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර සිටින බව කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img