fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කර්නල්ගේ පුතාට පහරදුන් මේජර්වරයෙක් සහ කපිතාන්වරයෙක් අත්අඩංගුවට

    කර්නල්ගේ පුතාට පහරදුන් මේජර්වරයෙක් සහ කපිතාන්වරයෙක් අත්අඩංගුවට

    දියතලාව යුද හමුදා පුහුණු කදවුරෙහි ආධුනික කැඩෙට් නිලධාරියෙකුට බරපතල පහදීමක් සම්බන්ධයෙන් මේජර්වරයෙක් සහ කපිතාන්වරයෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ආධුනික කැඩෙට් නිලධාරියාගේ පියා එම කදවුරේ ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු පාසලේ කර්නල්වරයෙකු බව පොලීසිය කියයි.

    මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 06 වෙනිදාය. මෙම ආධුනික නිලධාරියාගේ පාදයකට පොල්ලකින් කර ඇති පහරදීමකින් සහ කනට එල්ලකල පහරදීමකින් ඔහු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත්කර ඇති බවද පොලීසිය කියයි.

    රෝහලින් කළ දැනුම්දීමකට අනුව පොලීසිය රෝහලට ගොස් කැඩෙට් නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන්කරගෙන විමර්ශන ආරම්භකළ බවත් ඊයේ සැකකාර මේජර්වරයා සහ කපිතාන්වරයා පැමිණ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    5 Comments

    1. අමූලික බොරුවක් නෙ. කවුද කියන්නෙ මේ පහරදීමක් වෙලා කියලා. නොවුන දේවල් දාන්න එපා. කට උත්තර දෙන්නයි පොලීසියට ගියෙ. අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය කිව්වා කියල හොඳටම විශ්වාසද?

    2. This father is not a good character, this officer cadet is suspected for drugs dealing and using. Investigation is going on to discharge him from the Army. Hence, this father has created story to prevent him discharge from the Army.

    Leave a Reply to HarithCancel reply