චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමුවෙයි.
බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී අද (04) පෙරවරුවේ එම හමුව පැවැත්විණ. Olaf Scholz මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි පළමු යුරෝපා නායකයා වීම විශේෂත්වයකි.
ජර්මානු චාන්සලර්වරයාගේ පළමු චීන සංචාරය වන මෙමගින් දෙරට අතර අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය මෙන් ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා මනාව තහවුරු වනු ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී සිය විශ්වාස පළ කළේ ය.
චීන-ජර්මානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට මේ වසරේ අඩසියවසක් සපිරෙයි. සංකීර්ණ හා ගැටුම්කාරී පසුබිමක් පවතින වර්තමානයේ ලොවට කිසියම් බලපෑමක් කළ හැකි රටවල් 2ක් වශයෙන් චීනය හා ජර්මනිය ලෝක සාමය හා සංවර්ධනය උදෙසා වඩා සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය