fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්කිපොක්ස් ආසාදිතයන් සෙවීමේ වැඩපිළිවෙළ ශක්තිමක් කරන්නැයි ඉල්ලීම්

    මන්කිපොක්ස් ආසාදිතයන් සෙවීමේ වැඩපිළිවෙළ ශක්තිමක් කරන්නැයි ඉල්ලීම්

    මංකිෆොක්ස් රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයෑම වළක්වාගැනීම සදහා ගුවන්තොටුපොළ ඇතුළු ස්ථානවල නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ආසාදිතයෙකුගේ තුවාලවල ශ්‍රාවයන් ඝෘජුවම ස්පර්ශවීමෙන් තවත් අයෙකුට එය ආසාදනය විය හැකි බවය.

    ඔහු මේ බව පැවසුවේ වඳුරු උණ රෝගියෙක් මෙරටින් හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    “රෝගය බෝවෙනවා කියලා දැනට හඳුනාගෙන තියෙන්නේ ඒ තුවාලවල ඇතිවන කබොළු ආශ්‍රිතව ශ්‍රාවයන් සෘජු ලෙස ස්පර්ශවීම හරහා තමයි. ඒ නිසා විශේෂයෙන් තමන් විදේශ රටක සිට පැමිණියේ නම්, තමන්ට උණ ඇවිල්ලා විශේෂ ලක්ෂණය තමයි මේ තුවාල මේ රෑෂ් එක ඇති වෙන එක. එමෙන්ම තමන්ගේ ලිංගාශ්‍රිත අවයව තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයන් ඇති වෙනවානම් වහාම වෛද්‍ය ප්‍රථිකාරවලට යොමුවන්න.

    මේ සම්බන්ධයෙන් නිෂ්චිත තහවුරු කරගැනීමක් සිදුකර රෝගය සම්පූර්ණයෙන් සුව වෙනකම් ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළකෙන ලෙස. මේක ලෝකයේ පුරාම නිර්දේශිතයි. මේ රෝගයේ තිබෙන විශේෂත්වය තමයි රෝගීන් 80%ක එහා රෝගීන්ගේ ඇඟෙන්ම සුවවෙලා යනවා. මේ සම්බන්ධයෙක් රටක් හැටියට ගන්නේ කුමන ක්‍රියාමාර්ග ද යන්න තාක්ෂණික කමිටුව හරහා ප්‍රකාශයට පත්වෙනකම් අනවශ්‍ය කලබලයකින් තොරව මේ පිළිබඳ සමීපව ඉන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.” යැයිද ඔහු පැවසුවා

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.