තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටුණු පාපැදිකරු මියයයි

    රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටුණු පාපැදිකරු මියයයි

    ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කරමින් සිටි ජිප් රථයේ ගැටී රෝහල්ගතව සිටි පාපැදිකරු මියගොස් ඇත.

    පුත්තලම කුරුණෑගල මාර්ගයේ ඌරුමස් හංදියේදී මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 15 වෙනිදා සවස් කාලයේදීය. අනතුර සිදුවන විට ජිප් රථයේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කරමින් සිට ඇත.

    ජල සම්පාදන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය අමාත්‍යවරයා පරිහරණය කරමින් තිබුණු එම ජිප් රථයේ ගැටුණු පාපැදිකරු බරපතල තුවාල සහිතව සති දෙකක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ ඊයේ ය.

    පුත්තලම ලේක් විදීයේ පදිංචිකරුවෙක් වන එස්.එම්.සිහාන් නැමැති අයෙකු මෙසේ මරණයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් ඩබ්ලිව්. රොමේෂ් සාලින්ද ප්‍රනාන්දු නැමැති පල්ලම පදිංචි කරුවෙක් වන ජිප් රථයේ රියදුරුව පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගත් බවය. ඒ එම අනතුරු වූ දිනයදීමය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ වන විට සිටින්නේ ඇප මතය. නැවත වතාවක් ඔහු මෙම මරණය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img