fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවරින් පසු කොළඹ ජාතික රෝහලත් හදවත් බද්ධයකට සැරසෙයි - ගුවන් හමුදාවත් සහය...

    මහනුවරින් පසු කොළඹ ජාතික රෝහලත් හදවත් බද්ධයකට සැරසෙයි – ගුවන් හමුදාවත් සහය දෙයි

    කොළඹ ජාතික රෝහලේ සිදු කිරීමට නියමිත හදවත් බද්ධ කිරීමේ සැත්කමකට අවශ්‍ය වැදගත් ශරීර අවයව ලබා ගැනීම සඳහා ගුවන් හමුදාව අද (31) දින බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල දක්වා හදිසි අනතුරකින් මොළේ මියගිය පුද්ගලයකු ගුවනින් ප්‍රවාහනය කර ඇත.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව මෙසේ මොළේ මිය ගිය පුද්ගලයා ඉතා ආරක්ෂිතව කොළඹ ජාතික රෝහලට ගුවනින් ප්‍රවාහනය කළ බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘෘෆ් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කරයි.

    අදාළ මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 412 වර් ගයේ යානාවක් ගිලන් රථයක් ලෙස යොදාගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධය සිදුවූයේ 2017 ජුලි 07 මහනුවර රෝහලේ දී ය. හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ නායකත්වය යටතේ මහනුවර රෝහලේ වෛද්‍ය හා හෙද හෙදි සෞඛ්‍ය කාර් ය මණ්ඩලය ඊට කැපවී කටයුතු කළහ.

    ඒ අනුව මෙය කොළඹ ජාතික රෝහලේ සිදුවන පළමු හදවත් බද්ධය විය යුතුය.

    සබැඳි පුවත් පළමු හදවත් බද්ධය සමඟ සිහිවන විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.