තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්නගලු ඔයට ගම්පහින් පැන්න කතගේ සිරුර සොයාගනී

    අත්නගලු ඔයට ගම්පහින් පැන්න කතගේ සිරුර සොයාගනී

    ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ පාලම මතින් අත්තනගලු ඔයට ඊයේ සවස පැන්න කාන්තාවගේ සිරුර නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් අද සොයාගත්තේය.
    මෙම කාන්තාව ඊයේ සවස ඇය ගඟට පැන්න ස්ථානය ආසන්නයේ පිහිටි විහාරස්ථානයට ගොස් බොහෝ වේලාවක් හැඩූ කදුලින් සිට ඇති බව දුටු අයද සිටිති.

    අනතුරුව ඇය පාලම අසලට වී ඔය දිහා බලාගෙන සිට ඇති බවත් එතැනින් ගමන් කල කිහිප දෙනෙකුගෙන් එම ස්ථානය ගැඹුරුදැයි විමසා ඇති බවත් සඳහන්ය. ඊට සුළු මොහොතකට පෙර ඇය එම ස්ථානයෙන් අතුරුදන්ව සිට ඇති අතර පාලම මත කාන්තා පාවහන් යුවලක් පමණක් තිබී ඇත.

    මේ ගැන ගම්පහ පොලීසිය දැනුවත් කර තිබුණි. මෙම කාන්තාව ඔයට පැන්න ස්ථානය අවට කිඹුලන් කිහිප දෙනෙකු සැරිසරන බැවින් අද දින උදෑසන නාවික හමුදාවේ කිමිදුම් කරුවන් විසින් ආරක්ෂක පියවර අනුගමනය කරමින් මළ සිරුර සොයා කළ මෙහෙයුමේදී සිරුර හමුවී ඇත. එහෙත් ඇගේ අනන්‍යතාව අද සවස්වන තුරුම අනාවරණය වී නොතිබුණු බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img