fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාජිට කරා වගේ ආණ්ඩුව නාවන බව ඩලස් කියයි

    හාජිට කරා වගේ ආණ්ඩුව නාවන බව ඩලස් කියයි

    “අපි ආණ්ඩුවට කාරුණිකව කියනවා මැතිවරණ කල් දැම්මොත් එහෙම අර හාජිට කරා වගේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව නාවන බව” යැයි ‘නිදහස ජනතාව’ සභාව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මතුවූ තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව ද 30 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඩලස් අලහප්පෙරුම මහතා හෙළි කළේය.

    “2017 කල් දාපු පළාත් සභාව තාම නෑ.ජනමතයට මුහුණ නොදී පැනලා යන්නයි මේ ආණ්ඩුව හදන්නේ .විසි එක් වැනි සංශෝධනය සම්මත වුණායින් පස්සෙ තවත් හේතුවක් තියෙනවා ආණ්ඩුවට..

    මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මැතිතුමා කිව්වා මේ වෙලාවේ මැතිවරණ කල් දාන්න කවුරුහරි උත්සාහ කරනවා නම් මම උසාවි යන්න සූදානම් කියලා.

    දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවට තියෙන එක බලාපොරොත්තුවක්

    ඒකට ඉහතින් සදහන් කරපු තාක්ෂණික හේතුවක් නිර්මාණය වෙලා තියනවා 21 හරහා, මේ දෙක එක විට කරන්න ආන්ඩුව හදන්නේ මම මේ රටට අනතුරු අඟවනවා . මැතිවරණ කල් දැම්මොත් උසාවි යනවා කියපු නිමල් පුංචිහේවා මැතිතුමා ඉවත් කරගන්න එකත් ආණ්ඩුවේ එක උවමනාවක් .

    ගිය සතියේ මාධ්‍ය වාර්තා කළා ,ඉරානය පුරවැසියෙක් පිළිබඳව ඔහුගේ නම අමෝව් හාජි අවුරුදු 94ක් වයසේ පුද්ගලයෙක් මාධ්‍ය වාර්තාකරණය අනුව අවුරුදු 54 කින් හාජී නාලා නැහැ , ඔහු නො නාන පුද්ගලයෙක් විදියට තමයි හාජි ඉරානයේ ජීවත් වුණේ. අවුරුදු පනස් හතරක් ඔහු නාන්න නැතුව ඉන්න හේතුව තමයි හාජි ගේ විශ්වාසය තමයි ඔළුවට වතුර වැටුනොත් තමා මැරෙයි කියලා හිතපු එක .ඒ නිසා අවුරුදු 54 ක් වතුර පොදක් ඇඟට දාන්නේ නැතුව හිටියා ඔහු හැඳිවූයේ ලෝකෙ අපිරිසිදුම පුද්ගලයා විදියට .ගමේ මිනිස්සු මේක ඉවසන්නම බැරුව බලහත්කාරයෙන් හාජි අරන් ගිහිල්ලා නැව්වා. නෑවා විතරයි මේ පුද්ගලයා මියගියා .

    මේ ආණ්ඩුවත් හරියට හාජි වගෙයි හාජි නාන්ඩ බයයි ආණ්ඩුව මැතිවරණයට බයයි .අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා .ගිය සතියේ අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විසිතුනක් මැතිවරණ සිතියම හැකිලීමට විරුද්ධව එක මතයකට ආවා. ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සහ මහජන එක්සත් පෙරමුණ හැරෙන්ඩ , සියලුම දේශපාලන පක්ෂ විසිතුනක් අපි ද ඇතුළත්ව එක මතයකට ආවා.

    එක ලේඛනයකට තමන්ගේ අත්සන යෙදුවා මැතිවරණය කල් දාන වට එරෙහිව . පාර්ලිමේන්තු ඉතිහාසයේ පළල්ම දේශපාලන එකගතාවය එයින් ගොඩ නැගුණා .අපි ආණ්ඩුවට කාරුණිකව කියනවා මැතිවරණ කල් දැම්මොත් එහෙම අර හාජිට කරා වගේ පක්ෂ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුව නාවන්න අපි සූදානම් කියලා . එනිසා ආණ්ඩුවට තියෙන්නේ පණ රැකගන්නට මේක කල් දාන්න උප්පරවැට්ටියක් දාන එක .ජනතාවට අපි කියන්නේ මැතිවරණය මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය නොවන බව අපි දන්නවා මැතිවරණයට වඩා බරපතළ ප්‍රශ්න තියෙන රටක් මේක. එහෙත් ආණ්ඩුව ජනතා මතයට සංවේදී නැත්තම් ඒ සංවේදී බවට ආණ්ඩුව තල්ලු කළ යුතුයි .අශිෂ්ට විදිහට පලායන්න ආණ්ඩුවට අපි ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.