තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු තානාපති කාර්යාලයේ බලවන්තියකගේ අත්බෑගය කොල්ලකයි

    අමෙරිකානු තානාපති කාර්යාලයේ බලවන්තියකගේ අත්බෑගය කොල්ලකයි

    අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නිරත අමෙරිකානු ජාතික නිලධාරිනියකගේ අත් බෑගයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

    කුරුදුවත්ත පොලිස් වසමේ දී මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    තානාපති කාර්යාලයේ සේවයේ නිරත අමෙරිකානු ජාතික කාන්තාවක් වන එම නිලධාරිනිය පදිංචිව සිටින්නේ කුරුදුවත්තේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක පිහිටි නිවසකය.

    ඇය ඊයේ සවස එම නිවසේ සිට ඒ ආසන්නයේ ස්ථානයක පැවැත්වෙන සාදයකට සහභාගිවීමට පා ගමනින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් විසින් ඇගේ අත්බෑගය කොල්ලා තිබෙන බව පොලීසිය කියයි.

    එම අත්බෑගයේ වටිනායමකට තිබි ඇත්තේ ඇගේ ජංගම දුරකතනය සහ ණය කාඩ්පත පමණි.

    මෙසේ ඇගේ අත්බෑගය කොල්ලකෑමත් සමඟ ඇය බියට පත්ව නිවසට දිව ගොස් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මේ ගැන දැනුම්දී තිබේ.

    එම දැනුම්දීමත් සමඟ පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් ප්‍රධානින් කිහිප දෙනෙක් කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඇය පදිංචිව සිටින තට්ටු නිවාස සංකීර්ණයේ නිවසට ගොස් පැමිණිල්ල සටහන් කරගැනීමට පියවර ගෙන ඇත. අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ අත් බෑගය කඩාගෙන පළාගිය පුද්ගලයින් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මේ වන විට පොලීසිය හදුනාගෙන තිබේ. ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img