fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දියතලාව කඳවුරේ පරිගණකයෙන් හොර සල්ලි අච්චු ගැසූ කෝප්‍රල් කොටුවෙයි

    දියතලාව කඳවුරේ පරිගණකයෙන් හොර සල්ලි අච්චු ගැසූ කෝප්‍රල් කොටුවෙයි

    දියතලාව ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ පිහිටි කාර්යාලය තුලදී රාජකාරි සඳහා භාවිතා කරන පරිගණක යන්ත්‍රය සහ ප්‍රින්ටරය යොදාගෙන කළ හොර සල්ලි මුද්‍රණය කිරීමක් දියතලාව පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

    දියතලාව නගරයේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයකට පැමිණ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් ලබාදී මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට උත්සහගත් යුද හමුදා සෙබලුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමකින් පසුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මේ බව හෙළිවී ඇත.

    හමුදා කදවුරේ කාර්යයාලයේ පරිගණකයෙන් ව්‍යාජ මුදල් මුද්‍රණය කළ යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 11 ‍වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේද සහය ලබාගැනීමට දියතලාව පොලීසිය පියවර ගෙන ඇත.

    මෙම ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වන විට හමුදාවේ සිව් දෙනෙක් ව්‍යාජ මුදල් ජාවාරම සම්බන්ධයෙන් දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රශ්න කිරීම් හමුවේ නෝට්ටු මුද්‍රණය කළ ලාන්ස් කෝප්‍රල්වරයා පවසා ඇත්තේ නෝට්ටු දෙකක් පමණක් තමා කාර්යාලයේ පරිගණකය උපයෝගී කරගෙන මුද්‍රණය කළ බවය. ඒ එක් නෝට්ටුවක් දියතලාවේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයකට ලබාදෙමින් පසුගිය 15 වෙනිදා මත්පැන් මිලදී ගැනීමට හමුදා සෙබලු දෙදෙනෙක් උත්සහ ගත්තේය.

    එම නෝට්ටුව ගැන මත්පැන් හලේ කළමනාකරුට සැකසිතී එය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ නෝට්ටුයක් බව හදුනාගෙන පොලීසියට කළ දැනුම් දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී තිබුණි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.