තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැලොවීන් ඛේදවාචකය ගැන ජනපති ශෝක වෙයි

    හැලොවීන් ඛේදවාචකය ගැන ජනපති ශෝක වෙයි

    දකුණු කොරියාවේ සෝල් නගරයේ හැලොවීන් සැමරුම් උත්සවයකදී තෙරපීමෙන් 151 දෙනකු මියගොස් 80කට අධික පිරිසක් තුවාල ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළකරයි.

    දකුණු කොරියානු රජයට සහ ජනතාවටත්, විශේෂයෙන් එම සිදුවීමෙන් මියගිය අයගේ පවුල්වලට ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය පළ කර ඇත.

    එමෙන්ම සිදුවීමෙන් තුවාල ලැබූවන්ට ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

    මෙම සිදුවීමෙන් 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ ලාංකික තරුණයකු මියගිය බවට වාර්තා වී ඇති අතර තව දුරටත් සිද්ධියෙන් බලපෑමට ලක්වූ ලාංකිකයන් සෙවීමේ කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ය.

    සබැඳි පුවත්
    ද.කොරියාවේ හැලොවීන් සැමරුමේදී ශ්‍රී ලාංකිකයකු මරුට – තවත් ඇත්දැයි සොයයි
    සෝල් නුවර හැලොවින් සැමරුමේදී මියගිය 151 අතර ව්දේශිකයන් 19ක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img