fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් කන්තෝරුවෙනුත් ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා සොයයි

    පාස්පෝට් කන්තෝරුවෙනුත් ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා සොයයි

    ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරික්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, පාර්ලිමේන්තුවෙන් යොමුකර ඇති මන්ත්‍රීවරුන්ගේ උපන්දින, නම සහ ජාතික හැඳුනුම්පත් අංක සහිත ලේඛනයක් පදනම් කරගන අදාල විමර්ශනය සිදුකෙරෙන බවය.

    සිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසින් අදාළ ලේඛනය යොමු කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.

    මේ අතර මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසියභාවය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී ධුරයක් දැරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් පරික්ෂා කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නොව මැතිවරණ කොමිසමට බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය.

    ඒ පිළිබඳව මැතිවරණ කොමිසමෙන් කළ විමසීමේදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට නොමැති බැවින්, එය අධිකරණය ක්‍රියාවලියක් මගින් පමණක් සිදු කළ යුතු බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.