fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුතින් හදපු අමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කරන්න ජනපති යයි

    අලුතින් හදපු අමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කරන්න ජනපති යයි

    නවීකරණය කොට අලුතින් ඉදිකළ අමෙරිකානු එක්සත් ජනපද කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) එක්ව තිබේ.

    නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රණාමය පුදකරමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ උපලේකම් ජෝන් බාස් මහතා ද එක්ව තිබේ.

    එක්සත් ජනපද-ශ්‍රී ලංකා ද්විපාර්ශික මිත්‍රත්වය වසර 70කට වැඩිය.

    “ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ගෞරවනීය අමුත්තන් සහ සගයන් ඉදිරියේ අපගේ නව තානාපති කාර් යාලය විවෘත කිරීම සැමරීමට ලැබීම මහත් ගෞරවයක්” තානාපති ජුලි චන්ග් මහත්මිය පැවසුවාය.

    “1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට අපට කොළඹ තානාපති කාර්යාලයක් තිබී ඇති අතර, නව මණ්ඩපය ශ්‍රී ලංකාව සමඟ අපගේ කල්පවත්නා හවුල්කාරිත්වය සංකේතවත් කරයි.

    පරිසරයට ගරු කිරීම සහ ශ්‍රී ලාංකේය වාස්තු විද්‍යාත්මක, සංස්කෘතික සහ කලාත්මක තේමා අගය කරන මෙම නවීනතම පහසුකම් සහිත කාර්යාලය ගොඩනැගීමට අම‍ෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් එක්ව කටයුතු කර ඇත.

    පාරිසරික භාරකාරත්වයේ ආදර්ශයක් වන නව තානාපති කාර්යාලය සැලසුම් කර ඇත්තේ බලශක්ති පිරිවැය සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම ඇතුළත්වය.

    නව තානාපති කාර්යාලයේ එක්සත් ජනපද සහ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සිතුවම්, ඡායාරූප, රෙදිපිළි සහ මූර් ති ඇතුළු විවිධ මාධ්‍යවල චිත්‍ර ඇතුළත්ය.

    විදේශ ගොඩනැගිලි මෙහෙයුම් කාර් යංශය නව තානාපති කාර් යාලය ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. සියැටල්හි Integrus Architecture ව්‍යාපෘති ගෘහ නිර්මාණ කටයුතු හා ඇලබාමා හි Montgomery හි Limited Liability Company හි Caddell Construction Company විසින් එහි ඉදිකිරීම් කළ අතර මේ හරහා දළ වශයෙන් ඩොලර් මිලියන 90 ක් දේශීය ආර්ථිකයට එක් කළ බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.