තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දස හැවිරිදි පුතා ඝාතනයට ජනප්‍රිය සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටපෑඩ් ශිල්පියා අත්අඩංගුවට

    දස හැවිරිදි පුතා ඝාතනයට ජනප්‍රිය සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටපෑඩ් ශිල්පියා අත්අඩංගුවට

    සිය දස හැවිරිදි පුත්‍රයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක හිටපු ඔක්ටෆෑඩ් ශිල්පියෙකුව කොස්මෝදර පොලීසිය අද සවස අත්අඩංගුවට ගත්තේය.

    සිය බිරිදට එල්ලකල පිහිපහරක් දරුවාට වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    වෙළද සැළකින් ණයට මිලදී ගත් දුම්වැටි කිහිපයකට මුදල් ගෙවීම බිරිඳ විසින් ප්‍රතික්ෂේප කිරීමක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මෙම පිහි ඇනුමට මුල්වී ඇති බවද පොලීසිය සදහන් කළේය.

    දෙදෙනා අතර ඊයේ රාත්‍රී කාලයේදී මෙම ගැටුම හටගෙන ඇත. එහිදී ඔක්ටපෑඩ් ශිල්පියා ඔහුට අයත් යතුරු පැදියේ නැගී වේගයෙන් ගමන් කර තිබේ.

    සැමියාට අනතුරක් කර ගැනීවි යැයි සැකසිතූ බිරිඳ ද ඇයට අයත් යතුරු පැදියේ නැගී සැමියාගේ පස්සේ පන්නා ඇත්තේ දරුවන් දෙදෙනාවද නන්වාගෙනය. අතර මඟදී දෙදෙනා මුණ ගැසී මහ මගදීත් බහින් බස් වී ඇත්තේ දුම්වැටි ආරවුල තවදුරටත් දිග්ගැස්සෙමිනි.

    එහිදී සැමියා විසින් ඉනෙහි ගසාගෙන සිටි පිහියක් අතට ගෙන බිරිදට ඇනීමට පැන ඇති බවත් එහිදී එම පිහිපහර වැදී ඇත්තේ යතුරු පැදියේ ඉදිරිපස අසුන්ගෙන සිටි 10 හැවරදි බාල දරුවාට බව පොලීසිය කියයි.

    තුවාල ලැබූ එම දරුවාව වහාම මොරවක කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත්කර තිබේ. දරුවා ඒවන විට බරපතල තත්ත්වයේ සිටි බැවින් ඔහුව ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙන බවත් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේදී ඔහු මියගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img