තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නුවරඑළියේ රජගෙදරට කුඩ්ඩෙක් රිංගලා

    නුවරඑළියේ රජගෙදරට කුඩ්ඩෙක් රිංගලා

    නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිර පරීශ්‍රයට ඊයේ රාත්‍රී කාලයේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූයෙන් රිංගා සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160ක්ද ජනාධිපති ආරක්ෂකයන්ට හසුවී ඇත.

    මෙම සැකකරු වයස අවුරුදු 25ක් පමණ වන හර්ෂ දුෂ්‍යන්ත නැමැති අයෙකි. ඔහු නුවරඑළිය කළුකැලේ අඹේපුර පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයා ජනාධිපති මන්දර පරීශ්‍රයට ඇතුළු වී ඇත්තේ සොරකමකට බවට සැකයක් මතුව ඇත. ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img