ජංගම දුරකතන ආනයනයකර අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින ව්‍යාපාරිකයෙකුට ඩොලර් පෙන්වා තිලිණි ප්‍රියමාලි රුපියල් කෝටි 04ක වංචාවක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව සඳහන් කරයි.
එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලිකර ඇත්තේ තිලිණි විසින් ඔහුට ලබාදුන් අගරු චෙක්පත් ගොන්නක්ද ඉදිරිපත් කරමිනි.
මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත්තේ ඉන්දියානු සමාගමක මෙරට මිශ්‍ර ව්‍යාපෘතියක අධ්‍යක්ෂිකාවක් මගින් තිලිණිව තමා දැන හදුනාගත් බවය. ඇගේ නිවසට තමා ජංගම දුරකතනයක් අලෙවි කිරීමට ගිය අවස්ථාවේදී ඇය විසින් තිලිණිව තමාට හදුන්වා දුන් බවද මෙම ව්‍යාපාරිකයා පවසා තිබේ. තිලිණි එම අවස්ථාවේදී ඩොලර් නෝට්ටු තොගයක් ගණන් කරමින් සිටි බවත් වෙළද පොලේ මිලට වඩා අඩු මිලට එම නෝට්ටු දිය හැකි බව පැවසූ බවද ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සඳහන්කර තිබේ. එම අවස්ථාවේදි තමා ඔන්ලයින් ගණුදෙනුවක් ලෙස ඇය සඳහන් කළ බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 50ක් බැර කළ බවත් එහිදී ඇය වෙළද පොලේ පැවති විනිමය අනුපාතයට වඩා අඩු ගණනකට තමාට මුදල් ලබාදුන් බවත් ඔහු පවසා ඇත. තවත් ඩොලර් අවශ්‍ය නම් ඇති තරම් ලබාදිය හැකි බව ඇය පැවසූ බවත් ඒ අනුව පසු අවස්ථාවක තමා මිතුරන්ගෙන් සහ ණයට ලබාගත් මුදල් කෝටි 04ක් ඇයට ලබාදුන් බවත් එම මුදල ඇය වංචා කරමින් තමාට අගරු චෙක්පත් ලබාදුන් බවත් මෙම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.