තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොර පාරෙන් ඩුබායි ගිහින් ආපු හරක් කටාගේ ක ොළඹ නියෝජිතයා අල්ලයි

    හොර පාරෙන් ඩුබායි ගිහින් ආපු හරක් කටාගේ ක ොළඹ නියෝජිතයා අල්ලයි

    හරක් කටාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ කොළඹ නියෝජිතයෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කළ වැටලීමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලි ග්‍රෑම් 6400ක් සමගිනි.

    හරක් කටා මෙරටින් පළායාමට පෙර ඔහුට ලබාදී තිබුණු ජීව අත්බෝම්බයක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ සොයාගෙන තිබේ. එම අවිය සහ බෝම්බය සඟවා තිබී ඇත්තේ සේදවත්ත නව කැලණි පාලම යට කවුළුවක් තුළ බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.

    මෙම සැකකරු යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන අතර හරක් කටාගේ මත්කුඩු ජාවාරමේ මුදල් රැස්කර ඇත්තේද මොහු විසින් බවට තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ව්‍යාජ නමකින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙම සැකකරු පසුගිය මාර්තු මස ඩුබායි ගොස් නැවත පසුගිය 11 වෙනිදා මෙරටට පැමිණ ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img