තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එකට බොන්න ගිය අයෙක් මරුට - 3ක් රෝහලේ - 5ක් පොලීසියේ

    එකට බොන්න ගිය අයෙක් මරුට – 3ක් රෝහලේ – 5ක් පොලීසියේ

    එකට මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ කථාබහක් දුරදිග ගොස් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක් අයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

    තුවාලකරුවන් තිදෙනා ගලහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියයි.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේ පුපුරැස්ස පොලිස් වසමේ ලෙවලවත්ත ප්‍රදේශයේදීය.

    මියගොස් ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි 37 වියැති පුද්ගලයෙකි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුපුරැස්ස පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img