එකට මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ කථාබහක් දුරදිග ගොස් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක් අයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් තිදෙනා ගලහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියයි.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්රී කාලයේ පුපුරැස්ස පොලිස් වසමේ ලෙවලවත්ත ප්රදේශයේදීය.
මියගොස් ඇත්තේද එම ප්රදේශයේම පදිංචි 37 වියැති පුද්ගලයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුපුරැස්ස පොලීසිය සඳහන් කළේය.