තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

    ටැක්සි ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

    වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

    එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාත තුළ සියළුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ.

    දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රී රෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ වෘත්තීය ත්‍රී රෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (24) පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

    දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රී රෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවති.

    එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.

    මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ ලියාපදිංචි කර තිබේ.

    නොවැම්බර් 13 වැනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලීසියේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.

    මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img