තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයට පොලීසිය පන්නමින් වෙඩි තබයි

    අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයට පොලීසිය පන්නමින් වෙඩි තබයි

    පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට ඕපාත පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) සවස දුහුබැද ගොස් වෙඩි තබා තිබේ.

    එහිදී ත්‍රීරෝද රථයේ යටරයකට වෙඩි වැදී ඇති අතර එවිට එම රථය නතරකර එහි සිටි බීමත් පුද්ගලයින් හත් දෙනෙක් පළාගොස් ඇත. එයින් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    ඒ අතර ත්‍රීරෝද රථයේ රියදුරුද සිට ඇත. කෙලින් සිටීමට බැරිවන තරමට බීමත්ව සිටි ඔහුට රියදුරු බලපත්‍රයක්ද තිබී නැතියැ පොලීසිය කියයි.

    අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනාම තලංගල්ලේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 28ත් 24ත් අතර වයස්වල පසුවන්නන්ය.

    ඕපාත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඕපාත නගරයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂාවක නිරත සිටින අවස්ථාවකදී මෙම ත්‍රීරෝද රථය අකුරැස්ස දෙස සිට තවලම දෙසට පොලිස් අණ නොතකා ධාවනය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img