තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාල කැඩූ කොල්ලකරුවකු පොලිස් වෙඩිපහරින් මරුට

    මාල කැඩූ කොල්ලකරුවකු පොලිස් වෙඩිපහරින් මරුට

    මීගමුව නගරයේදී අද(23) දින දහවල් කාලයේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා යතුරු පැදියකින් පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු හඹා ගිය පොලීසිය සමඟ කටුනායක ආඩි අම්බලම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවකු මියගොස් තිබේ.

    අනෙක් සැකකරු තුවාල ලබා ඇත.

    කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරුපැදියකින් ලුහුබැද ගොස් ඇත.

    මිනුවන්ගොඩ දෙසට පලා යමින් සිටි කොල්ලකරුවන් කටුනායක පොලිස් වසමේ ආඩි අම්බලම ප්‍රදේශයේදී ඔවුන් අත තිබූ ගිනි අවියකින් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් කොල්ලකරුවන් වෙත වෙඩි තැබීමක් සිදුකර ඇත.

    එහිදී සැකකරුවන් දෙදෙනාම වෙඩි වැදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී එක් සැකකරුවෙකු මියගොස් ඇත.

    මීයගිය සැකකරු වයස අවුරුදු 22ක් හා තුවාල ලැබූ සැකකරු වයස අවුරුදු 25ක් වූ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    මීගමුව හා කටුනායක පොලිස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img